Monday, October 26, 2015

GOOD LUCK Dreams (සුබ සිහින ඵලා පල)



01. නෙලුම් කොලේක කෑම දමාගෙන ආහාරයට ගැනීම,සිහිනයෙන් නෙලුම් මල් කඩාගෙන සිනාසීම,විනෝද වීම,නෙලුම් කොලයේ දමාගෙන යම් දෙයක් පානය කිරීම දුටුවොත්- රටේ ඉහලපෙලේ සැප සම්පත් ,නම්බු නාම,ගරු පිළිගැනීම්,රජ සැප හා සමාන වාසනාවක් ඉතා ඉක්මනින් පෙන්නුම් කරයි..


02. ශරීරයයි පුරා ලේ ගලාගෙන යනවා දුටුවහොත් - වාසනාවන්ත දරුවකු හෝ මුණුපුරෙකු ලැබී සිතු පැතු සම්පත් අත්වේ...


03. සිත් ඇදී යන අලන්කාර පක්ෂීන් දුටුවහොත් - විශාල ප්‍රමාණයක් රිදී කාසි දුටුවහොත් ගොවිතැන්,වෙළදාම්,රැකියා,ආදිය සරු වී වාසනාව පෙන්නුම් කරයි...


04. සුදු බත් සහ පහන් සිහිනේන් දුටුවහොත්,ජලයෙහි පිහිනා ගොස් එගොඩ වුව හොත්,සදු දැකීම,ගිනි කදු දැකීම, ගිනි කදු සෙලවීම දැකීම - තමාගේ හෝ තමාට වේදනාව ගෙන දුන් පවුලේ නැයෙකුගේ ලෙඩ රෝග තත්ත්වයක් දුරුවී ඉක්මනින් සුවය ලැබේ...


05. සුදු නයෙකු විසින් දකුණු අත සපා කා දෂ්ඨ කරනවා දුටුවහොත් - දස දිනක් යාමට මත්තෙන් වාසනාව උදාවේ...


06. දේවතාවියන් සිහිනෙන් දුටුවහොත් - සිතේ අදහස් සියල්ල වේගයෙන් ඉෂ්ඨ වේ....


07. මහ මුහුද නිශ්චලව දුටුවහොත්,ඉතා අලන්කාර ලෙස අහස දුටුවහොත්,ඉති ලස්සන ලෙස සද දුටුවහොත්  - ප්‍රිති සහගත උත්සව,විනෝදකාමී දේවලට පව සහභාගී වී ,සතුට,සැපත බලාපොරොත්තු ඉටුවීම් වැනි දේ පෙන්නුම් කරයි...


08. බුදුවරුන්,දේවතාවුන්,රහතන් වහන්සේලා,සිහිනෙන් දුටුවහොත්, - එලොව ,මෙලොව,යහපත උදෙසා ගුණ ධර්ම වලට සහභාගී වීමේ හා පූර්ණ් පුන්‍ය බලවේගයක් ලැබීමේ වාසනාව මතුවේ....


09. පෙම්වතාගෙන් මුතු ලැබීම,පිරිපුන් දිය නෑම,සුවද දේ ගෑම,උසස් සම්පත් හා පළදනා පැලදීම,නොකැපූ මැණික් දැකීම - යස ඉසුරු සම්පත් ලැබේ...


10.තම මැනියණ් සතුටු කදුළු හෙළීම,මව ආදරයෙන් කිරි දෙනු දැකීම  - සිතු පරිදි ධන සම්පත් ඇති වේ...


11.මවි පියන්,නෑදෑයන්,හිත්වතුන්,එක්වී ආදර බස්,සතුටු වදන් කීම,උපදෙස් දීම ආදිය දුටුවහොත් -    වටපිටාවේ සිටින නෑදෑහිතවතුන්ගෙන් අශිර්වාද ලැබේ....


12.ලිය කියවිලි වල යෙදුන අය දැකීම,සතුටු සිතින් සිටින ඉහළ අය දේකීම,පින් දහම් කරන රජ පවුල ආදිය දැකීම - තමාට යස ඉසුරු ලැබීමක් පෙන්නුම් කරයි...


13.කිරි එළදෙනුන්,සුදු ගවයන්,සුදු නයින් දැකීම,බොහෝ දිලිසෙන මැණිකක් ආදිය දැකීම - පෙර පිනක බලයෙන් වාසනාව දෙපා මුලටම පැමිනේ...


14.මත් පැන් බොනවා දැකීම,තව අයට කථා කරනවා දැකීම - පසු දින පහන් වීමට ප්‍රථම ජයක් දියුණවක් පෙන්වයි...


15.පහන් පත්තු කිරීම,කැටපත් සුදින් වස්ත්‍ර දැකීම. - ධන වාසනාවක් අත්වේ...


16.තමන් සින්හයෙකු පිට නැග යනවා දැකීම,මන්ගල පෝරූ දැකීම,රන් රිදී ආභරණ දැකීම - ධන සම්පත් පෑදීගෙන එන මාර්ග විවෘත වේ...


17.මදුරුවන් ලේ බොනවා දැකීම,සදුන් ලී දැකීම,පබළු වළලු දැකීම - වාසනාවන්ත අනාගතයකට පෙර නිමිති පෙන්නුම් කරයි...


18.කූඩැල්ලන් තමාගේ සිරුරේ ලේ බීම,නෙලුම් පතට සමාන කොල වලින් කිරි වැනි දේ බීම,සුදු නයින් පෙනීම,සුදු අසෙකු දැකීම,සුදු නෙලුම් මල් දැකීම,කිරි වර්ග දැකීම,මී වද දැකීම - පතා ආ විලස සියලු දුක් කම් කටොලු නැති වී,මැණිකක් වන් වාසනාවන්ත පිරිමි දරුවකු ලැබී,අදුරෙන් එළියට පැමිමට හේතු වේ...


19.මොනරුන්,කුකුළන්,කොවුලන් දැකීම,ඉගිලෙන පරවියන් දැකීම,කෞතුකාගරයක් දැකීම - වාසනාවන්ත පෙම්වතියක් සමග,කාන්තාවක් නම් පෙම්වතෙක් සමග යුග දිවියක් ගත කිරීම ඉක්මනින්ම සිදුවේ...


20.පැරණි විහාර,දාගැබ් දැකීම - උසස්වීමක්,ප්‍රසිද්දියට පත්වීමක්,තානාන්තර ලැබීමක් සිදුවේ....


21.පුරාණ පඩිපෙල් දැකීම, - බලාපොරොත්තු වෙනස්වීමක් සිදුවේ...


22.පුරාණ ගල් කණු දැකීම - සම්පත් හිමි වීමේ වාසනාවක් අත්වේ....


23.තුර්‍යය භාණ්ග පරිහරණය කරනවා දුටුවහොත් - රාජ්‍ය උත්සවයකට සහභාගීවීමට හා ගරු සැලකිලි ලැබීම,ප්‍රීති දායක ආරන්චි හා නොසිතු ලාභ ලැබේ...


24.වෙහෙර විහාර බුදුන් වදිනවා...දුටුවහොත් - දුක් දොම්නස් දුරු වී සැනසිලි දායක තත්ත්වයක් උදාවේ...

25.මාළු රන්චුවක් දුටුවහොත් - ගෙදර කෙනෙකු ගැන සුබ ආරන්චියක්..


26.පහන් වැටක් දුටුවහොත් - හිමිවීමට තිඛෙන විශාල බූදලයක් පූර්ණ අයිතියට හිමිකම් පෙන්නුම් කරයි...


27.ඝාණ්ඨාරයක් වාදනය වනවා සිහිනෙන් දුටුවහොත් - ඉතා කෙටි කාලයකින් අනාගත අභිවෘද්ධිය සැලසෙන කරුණු යෙදෙනවා ඇත...


28.මල් පූජා කරනව දුටුවහොත් - ඉහල් පෙලේ කෙනෙකු සමග එකමුතුවක් හෝ ලෙන්ගතු කමක් හෝ සම්බන්ධයක් පෙන්නුම් කරයි...


29.විහරස්ථානය්ක් දුටුවහොත් - ජීවිත කාලයෙම සතුටින් සිටීමට හැකි අන්දමට කරුණු සිදුවනු ඇත...


30.ඔරලෝසු දුටුවහොත් - සැමගේ සහයෝගය ලැබීමෙන් ඔබේ අදහස ඉටුවනු ඇත..


31.මුදුවක් තමාම පළදිනවා දුටුවහොත් - තමාට උවමනා කෙනෙකු හා සමග එක්ව සමගියෙන් සහයෝගයෙන් සියලු දේ කර කියා ගැනීමට හැකියාව ලැඛෙනවා ඇත..


32.විශාල ලෙස රිදී කාසි දැකීම,මල් සහිත ගස් දැකීම - වෙළද ව්‍යාපාර දියුණුවක්,බලාපොරොත්තු නොවූ ලාභයක්.



33.රන්මාලයක් දැකීම - සතුටු දායක ,ප්රිතිමත් ආරන්චියක් අසන්නට ලැබේ....

1 comment: