Monday, October 26, 2015

Bad-Luck Dreams (අසුබ සිහින ඵලා පල)


# වදුරන් ගස් උඩ යනවා දුටුවහොත් - නීති මගින් දඩුවමක්


#වලසුන්,උකුස්සන්,ඌරන් දැකීම  
  නඩු හබ තව තව වැඩිවේ,නිදහස පැතීම අසීරු වේ


# දරුණු ලෙස සිනහ සෙනවා දුටුවහොත් 
 අඩ අඩා සිටීමට කරුණක් සිදුවන බව පෙන්නුම් කරයි


# දඩයම් කිරීමට යාම,මඩ වගුරකින් යෑම දුටුවහොත් 
 පවුලේ නෑදෑයකුගේ හිසේ හෝ මොළයේ දරුණු ආබාධයක්


# තමාගේ නිවසේ දෙබරයක් බැද තිඛෙනවා දුටුවහොත් 
 දූදරුවන් අතරේ අඩ දබර ඇතිවේ


#තලගොයින්,කබරයින් ආදි සතුන් ගෙට එනවා දුටුවහොත් 
ගෙදරින් පිටවීමක්,අන්සතු වීම්ක්,විවාහ පත් වුවන් අතර අඩ දබර ඇතිවේ


# ගොම් මැටි ගෙයි ගැම,විශාල ගස් සමූහයක් දුටුවහොත් 
සතුරු විනාශයක්


#දත් වැටීම හෝ දිව වැටීම දුටුවහොත් භායානක විපතක්,මරණයක් දරුණු පීඩාවක් අත ලගම

# වැලි කදුදුටුවහොත් බලපොරොත්තු ඉටු නොවේ


#විශාල ගල් පර්වතයක් දුටුවහොත් හිතවතෙකුගෙන් සහනයක් අයදීමට සිදුවේ


#දුෂ්කර ස්ථානයක උත්සවයක් දැකීම රෝගී තත්ත්වයක් හෝ දුක්බර පුවතක්


#ගසකින් වැටී අනතුරකට පත්වීම ගමන් බිමන් යාමේදී හදිසි අනතුරකට පත් විය හැක


# ගැරඩියෙකු,මකුළුවෙකු දැකීම
 අඩු කුලයේ ස්ත්රියක් සමග ගැටී ආරවුල් ඇති කර ගනී


#පොලගෙකු දුටුවහොත් රෝග වලට,කරදරවලට හසුවේ


#කලු නයෙකු දුටුවහොත් 
 නුවමනා දේ වලට පවා පැටලේ,ඇසුරු කරන අයගෙන්ම වෙන් වීමට පවා කරුණු යෙදේ,තම ජීවිතය පවා අනතුරු දායක වීමට ඉඩ තිබේ


# ගිරවෙකු දැකීම 
 එක හා සමාන්තරව සිටි තම හිතවතෙකුගෙන් වෙන්වීමක් සිදුවෙයි


# වහනයක් පෙරලෙනවා දුටුවහොත් 
මාරකයක් පිළිබදව අසන්නට ඉඩ ඇත


# අලන්කාර ලෙස ඉදුනු පළතුරු වර්ග දැකීම 
බෝවන රෝග පිඩා තමා වෙත තව තව ලන් වේ


# පළතුරු වර්ග තව කෙනෙකුට දෙනවා දුටුවහොත් 
මව හෝ පියාගේ ජිවිතයට අනතුරක් පෙන්නුම් කරයි


# එම පළතුරු වර්ග තමන් අනුභව කරනවා දුටුවහොත්
මවගේ නෑදෑ කෙනෙකුගේ විපතක් අසන්නට ලැබේ


# ගේ තුල හතු පිපී තිඛෙනවා දුටුවහොත්
 ගින්නෙන් මහ විපතක් නැතහොත් ගෙයින් පිටවීමක්


# ඉර හද තරු කඩ වැටෙනවා දුටුවහොත් 
 දරුණු කරදර වැලකට පැටලේ


# අළු ඇටකටු හා කලු ඇදුම් අදිනවා දුටුවහොත් 
ජීවිතය එපා වීමට තරම් කරුණු සිදුවේ


# වලසෙකු දැකීම 
 මිතුරකු සමග දරුණු අමනාපයක් වීමට සිදුවෙයි

# කොටියෙකු සිහිනෙන් පෙනීම
 අබිරහස් කටයුත්තකින් උඅවදුරක් ඇති වේ


# කුළු හරක් දුටුවහොත්
 සතුරු කරදරයක් නිසා අනතුරක් පෙන්නුම් කරයි


#ගන්ගාවක් අසලදී සතුරකු මුන ගැසෙනවා සිහිනෙන් දුටුවහොත්
 ගෞරවයට හානිවන කටයුත්තකට මුහුණදී,දෝෂාරෝපණවලට ලක්වන  කරුණු සිදුවනවා ඇත


# මඩ වගුරු සහිත දිය උල්පත් දුටුවහොත් 
සර්පයින්ගෙන් අනතුරු සිදු වෙයි


#ගෙම්බන් දැකීම විනෝද ගමන් බිමන් වලදී ප්රවේසම් වන්න...

No comments:

Post a Comment